Pages

Monday, October 25, 2010

ජූම්ලා හරහා සාදාගත්වෙබ් අඩවියක් වෙබ් සර්වරයකට අන්තර්ගත කිරීම.

නිසැකවම වෙබ් අඩවි නිර්මාණය කරන්නෙකුගේ අරමුණ වන්නේ තමන් නිර්මාණය කරන වෙබ් අඩවිය අවසානයේදී අන්තර්ජාලයට එක් කිරීමයි. ජූම්ලා මේ සඳහාද පහසුකම් සපයා ඇත. ජූම්ලා වෙබ් අඩවියක් වෙබ් හෝස්ට් එකකට යොමු කිරීමට නම්, එම වෙබ් හෝස්ටින් අඩවිය ඔබට මූලික වශයෙන් සේවා 3ක් සපයන අඩවියක් විය යුතුය. එනම් එම වෙබ් හෝස්ටින් අඩවිය පහත සේවා සැපයිය යුතුය.
- PHP
- MySQL
- FTP

මෙයින් ජූම්ලා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී PHP හා MySQL අවශ්‍ය වන අතර, FTP සේවාව අවශ්‍ය වන්නේ නිර්මාණය කල වෙබ් අඩවියේ අදාල ෆයිල්ස් එම වෙබ් හොස්ටින් අඩවියට අප්ලෝඩ් කිරීම සඳහායි.
මෙම සේවා සපයන වෙබ් හොස්ටින් අඩවියක් අන්තර්ජාලයෙන් ඔබට පහසුවෙන් සොයා ගත හැක.එවැන අඩවියක ලියාපදිංචි වී ඔබට මෙම පහසුකම් ලබාහත හැක.
මෙසේ ලියපදිංචි වීමෙන් පසු ඔබට එම වෙබ් හෝස්ටින් අඩවියේ ඔබේ ගිණුමේ විස්තර සපයනු ඇත. ඒවා නම් ඔබට අදාල username හා password, පාලක පුවරු විස්තර, FTP settings, MySQL settings හා domain names ආදියයි. ඉන්පසු ඔබට ඇත්තේ ඔබේ වෙබ් අඩවිය සර්වරයට අප්ලෝඩ් කිරීමයි.
මෙය ඉතා පහසුවෙන් පියවර 7කින් පෙන්වාදිය හැකියි. ඒවා නම්,

- සර්වරයේ පාලක පුවරුවට ලොග් වීම
- අවශ්‍ය database එක සෑදීම.
- අප ජූම්ලා මගින් වෙබ් අඩවිය සෑදීමේදී අපගේ පරිගණකයේ නිර්මාණය වූ database එක export කිරීම.
- එම database එක සර්වරයට import කිරීම.
- ඔබේ user account details වලට අනුව ජූම්ලා වෙබ් අඩවියේ configurations සැකසීම.
- FTP මෘදුකාංගයක් ආධාරයෙන් ජූම්ලා වෙබ් අඩවිය සර්වරයට upload කිරීම.

1. සර්වරයේ පාලක පුවරුවට (Control panel) ලොග් වීම

ඔබට ලබාදී ඇති Account settingsවෙතින් පාලක පුවරුවට ලොග් වීමට අවශ්‍ය
username, password ලබා ගන්න. ඒ අතරම ඔබට පාලක පුවරුවට යෑම සඳහා අවශ්‍ය
ලින්ක් එකද ඒ සමඟම ලබා ගත හැක.ඒ හරහා ඔබට පාලක පුවරුවට ලොග් විය හැක.

2. අවශ්‍ය database එක සෑදීම.

ලොග් උනාට පසු ඩේටා බේස් මෙනුවේ MySQL ඩේටාබේස් එක ක්ලික් කරන්න.ඔබට ඩේටාබේස් නේම් එක සඳහා කැමති නමක් ලබා දිය හැක.සිස්ටම් එක මගින් ඔබ ලබාදුන් නම මොඩිෆයි කර, නැවත නමක් ලබා දෙනු ඇත. එය සටහන් කරගන්න.දැන් create database ක්ලික් කල විට ඩේටාබේස් එක් සෑදේ.


3. පරිගණකයේ නිර්මාණය වූ database එක export කිරීම.

phpmyadmin භාවිතා කර ඔබ පරිගණකයේ සාදාගත් database එක Export කරගත යුතුය. මේ සඳහා phpmyadmin වෙත ගොස් database එක සිලෙක්ට් කොට Export ක්ලික් කල යුතුය. එවිට පැමිනෙන සංවාද මෙනුවෙන් Save as type ලෙස sql ලබා දී ඩේටාබේස් එක සේව් කරගත යුතුය.

4.එම database එක සර්වරයට import කිරීම.

වෙබ් සර්වරයේ පාලක පුවරුවට ගොස් එහි ඇති database ලිස්ට් එකෙන් phpmyadmin ක්ලික් කරන්න.ඉන්පසු එහි ඔබේ කලින් සාදාගත් database එකේ නම දිස් වන ලින්ක් එක ක්ලික් කරන්න. ඒ මගින් ඔබව එම සර්වරයේ phpmyadmin වෙත් ගෙන යනු ඇත.
phpmyadmin වල ඉහලින් ඇති Import ටැබ් එක මත ක්ලික් කිරීමෙන් ඔබට කලින් Export කරගත් SQL ෆයිල් එක import කරගත හැකි ස්ථානයකට ඔබව රැගෙන යනු ඇති. එහි ඇති උපදෙස් අනුව ඔබ කලින් සාදාගත් SQL ෆයිල් එක තොරා GO විධානය ලබා දෙන්න.
එවිට ඔබේ database එක upload වී ටිකකින් සාර්තක වූ බව දැක්වෙන massage එක ලැබේ.

5. ඔබේ user account details වලට අනුව ජූම්ලා වෙබ් අඩවියේ configurations සැකසීම.

ඔබේ පරිගණකයේ ජූම්ලා ෆෝල්ඩරයට ගොස් එහි ඇති configuration.php ෆයිල් එකේ copy එකක් ලබා ගන්න. එය වෙනම තැනක තබා ජූම්ලා ෆෝල්ඩරයේ ඇති configuration.php ෆයිල් එක Notepad වලින් ඕපන් කරන්න. මෙහි ඇත්තේ variables සහ values ලිස්ට් එකකි.
මෙහි පහත දැක්වෙන lines සඳහා වෙනස්කම් කල යුතුය.

var $log_path = 'C:\\xampp\\htdocs\\joomlabeta\\logs';
var $tmp_path = 'C:\\xampp\\htdocs\\joomlabeta\\tmp';
var $host = 'localhost';
var $user = 'joomla_user';
var $db = 'database_for_joomla';
var $password = 'password';

ඔබ සර්වරයට ලොග් වීමේදී භාවිතා කල account details හරහා මෙම variables සඳහා අවශ්‍ය අගයන් ලබාගත හැක.

var $log_path එක වෙබ් හෝස්ට් එක මඟින් ලබා දුන් document root පාත් එක බවට පත් කල යුතුය.
var $host , var $user , var $db , var $password යන අගයන් ඔබ වෙබ් හොස්ට් එකෙන් මුලින් ලබාගත් දත්ත අනුසාරයෙන් සපයා ගත හැක. ඉන්පසු එම දත්ත ඇතුලත් ෆ්යිල් එක save කරගන්න.

6. FTP මෘදුකාංගයක් ආධාරයෙන් ජූම්ලා වෙබ් අඩවිය සර්වරයට upload කිරීම.

ඔබේ පරිගනකයේ සාදාගත් වෙබ් සයිට් එක සර්වරයට අප්ලෝඩ් කිරීම සඳහා ඔබට කිසියම් හෝ FTP software එකක් යොදා ගත යුතුවේ. File Zilla එසේ යොදාගත හැකි එක් software එකකි.
http://filezilla-project.org/download.php?type=client තැනින් එය බාගත කල හැක. එය බාගත් පසු, එහි ඇති quick connect හරහා ඔබේ වෙබ් හෝස්ට් account details ලබා දීමෙන් පහසුවෙන් වෙබ් හෝස්ට් එක්ට ලොග් විය හැක.

ඉන් පසු File Zilla හරහා ලබා දෙන direct upload හරහා ඔබට ඔබෙ වෙබ් අඩවියට අදාල ෆයිල්ස් වෙබ් හොස්ට් වෙත upload කල හැක. පරිගනකයේ ජූම්ලා ඇති Htdocs ෆෝල්ඩරයේ ඇති සියළුම ෆයිල්ස් වෙබ් හොස්ට් එක වෙත upload කල යුතුය. මෙම කටයුත්ත සඳහා යම් කාලයක් ගතවන බව මතක තබා ගන්න.

වෙබ් අඩවිය දර්ශනය කිරීම.

ඔබට ඇත්තේ ඔබෙ වෙබ් හෝස්ට් අඩවිය මඟින් ලබාදුන් URL එක භාවිතා කර වෙබ් අඩවියට පිවිසීම පමණයි.

Share/Bookmark

Friday, October 8, 2010

ජූම්ලා ටෙම්ප්ලේට් වෙනස් කිරීම

ජූම්ලා වල සියළු ඩිවෙලොප්මන්ට් සිදුවන්නේ එහි ඇති ටෙම්ප්ලේට් එක පාදක කරගෙන බව ඔබ දැන් වටහා ගෙන ඇති.මේ නිස අපට අපගේ වෙබ් සයිට් එකේ සම්පූර්ණ වෙනස් කමක් කිරීමට අවශ්‍ය නම්, මූලිකවම අපට ඒ සඳහා ටෙම්ලේට් එක වෙනස් කිරීමට සිදුවේ. මේ සඳහ අන්තර්ජාලයෙන් ඕනෑම ආකාරයක ජූමලා ටෙම්ප්ලෙට් එකක් බාගත කොට අවශ්‍යතවය අනුව බාවිතා කළ හැක. එසේ ජූම්ලා සඳහා ටෙම්ප්ලේට් බාගත කරගත හැකි බොහෝ වෙබ් අඩවි ඇත.



බාගත කරගත් ටෙම්ප්ලේට් බාවිතා කිරීමට නම් පළමුව ඒවා ඔබේ ජූම්ලා සිස්ටම් එකට අප්ලෝඩ් කරගත යුතුය.ඒ සඳහා පලමුව ඇඩ්මින් පිටුවට යන්න. එහි මෙනු බාර් එකේ Extensions හරහා install/uninstall වෙත යන්න.
එහි ඉන්ස්ටෝල් ටැබ් එක සිලෙක්ට් කරන්න. "Upload package file" හරහා ඔබට අවශ්‍ය templates ජූම්ලා වෙත upload කරගත හැක. එසේ upload කරගත්templates ඔබට එම පිටුවේම "Templates" ටැබ් එක ක්ලික් කිරීමෙන් බලාගත හැක.

දැන් template එක මාරු කරගන්නා හැටි බලමු.
"Extensions" මෙනු එක හරහා "template manager" වෙත යන්න. ඔබ ඉහත අප්ලෝඩ් කරගත් template එක ඇතුලුව සියළු templates එහිදී ඔබට දැකගත හැක. අවශ්‍ය template එක radio button මඟින් තෝරා ඉහල ඇති Default බට්න් එක ක්ලික් කරන්න. ඉදිරියේ ඇති "Default" තීරය මත ක්ලික් කරන්න. තරු ලකුණකින් ඔබ තෝරාගත් template එක සටහන් වනු ඇත.

එසැනින් ඔබේ වෙබ් පිටුවේ ටෙම්ප්ලේට් එක වෙනස් වේ.දැන අවශ්‍ය පරිදි එහි ඇති අයිතම වෙනස් කිරීමෙන් ඔබට අවශ්‍ය වෙබ් අඩවිය සාදාගත හැක.









Share/Bookmark