බාගත කරගත් ටෙම්ප්ලේට් බාවිතා කිරීමට නම් පළමුව ඒවා ඔබේ ජූම්ලා සිස්ටම් එකට අප්ලෝඩ් කරගත යුතුය.ඒ සඳහා පලමුව ඇඩ්මින් පිටුවට යන්න. එහි මෙනු බාර් එකේ Extensions හරහා install/uninstall වෙත යන්න.
දැන් template එක මාරු කරගන්නා හැටි බලමු.
"Extensions" මෙනු එක හරහා "template manager" වෙත යන්න. ඔබ ඉහත අප්ලෝඩ් කරගත් template එක ඇතුලුව සියළු templates එහිදී ඔබට දැකගත හැක. අවශ්‍ය template එක radio button මඟින් තෝරා ඉහල ඇති Default බට්න් එක ක්ලික් කරන්න. ඉදිරියේ ඇති "Default" තීරය මත ක්ලික් කරන්න. තරු ලකුණකින් ඔබ තෝරාගත් template එක සටහන් වනු ඇත.
එසැනින් ඔබේ වෙබ් පිටුවේ ටෙම්ප්ලේට් එක වෙනස් වේ.දැන අවශ්‍ය පරිදි එහි ඇති අයිතම වෙනස් කිරීමෙන් ඔබට අවශ්‍ය වෙබ් අඩවිය සාදාගත හැක.

2 comments:
එළ එළ, මටත් දැන් පොඩ්ඩක් පොඩ්ඩක් පුළුවන්. ලිපි වලට ස්තූතියි. අපේම template එකක් හදාගන්න හැටිත් කියල දෙන්න.
ඔබගේ දැනුම බෙදා දෙනවට ස්තුතියි..
Post a Comment