මේ සඳහා කල යුතු වන්නේ කලින් ආර්ටිකල්ස් සෑදීමේදී යොදාගත් section හා category ඔප්ෂන්ස් වෙනස් කිරීම පමණයි. පළමුව සාදාගත් ආර්ටිකල් එකක් "edit" මෝඩ් එකේ විවෘත කරගන්න. Admin පේජ් එකේ වෙත පිවිසීමෙන් ඔබට Article manager වෙත පිවිසිය හැකි අතර අවශ්‍ය article එක මත ක්ලික් කල විට එය edit මෝඩ් එකේ විවෘත වේ.
එවිට එම ආර්ටිකල් එකේ ඉහළ ඇති මඟින් drop down box අවශ්‍ය පරිදි ඒ ඒ ආර්ටිකල් එක අදාල category එක වෙතට යොමු කල හැක.

ඉන්පසු එය Save කිරීමට මතක තබා ගන්න. දැන් ඔබ ඒ ඒ category වලට article නියම කර හමාරයි. දැන් ඇත්තේ ඒවාට ඔබේ වෙබ් පිටුව හරහා ප්‍රවේශ විය හැකි ආකාරයට අවශ්‍ය links නිර්මාණය කිරීමයි. මෙම ලින්ක්ස් ඕනෑම මෙනු එකකින් යෙදිය හැක. මෙහිදී අප එම ආර්ටික්ල් වලට Main menu එක හරහා ලින්ක්ස් නිර්මාණය කරන හැටි බලමු. මෙහිදී විශේෂ කරුණ වන්නේ අප ලෙස articles සදාගත් ආකාරයටම hierarchy එකක් ලෙස පවතින පරිදි මෙනු අයිතමත් සාදාගැනීමයි.
පලමුව "Menus" මෙනුව හරහා Main menu වෙත යන්න. නව මෙනු අයිතමයක් සාදාගැනීමට "New" ක්ලික් කරන්න. අප මෙහිදී සාදා ගත්තේ articles බැවින් internal link වල articles වෙත යන්න. එහි උප අයිතමයක් වන Category හරහා Category list layout වෙත යන්න.
මෙනු අයිතමය ලෙස ලබා දිය යුතු නම ටයිට්ල් එකට ලබා දෙන්න. දකුණුපස ඇති "Menu item parameters" වල "Select article" හරහා මෙනු අයිතමය හරහා ඔබට ලින්ක් කල යුතු ආර්ටිකල් එක ලබා දෙන්න. එවිට ඔබට සියලුම ආර්ටිකල්ස් අඩංගු ලිස්ට් එකක් දිස්වනු ඇත.එමඟින් අවශ්‍ය ආටිකල් එක තෝරා Save කිරීමෙන් ඔබට අවශ්‍ය පරිදි මෙනු ලින්ක් එක සාදාගත හැක."On click,Open in"හරහා ඔබට මෙනු අයිතමය ක්ලික් කල විට අර්ටිකල්ස් විවෘත වෙන ආකාරය සැකසිය හැක.
දකුණුපසParameters(Basic) ටැබ් එකෙන් අර්ටිකල් එක අයත් වියයුතු "Category" එක තෝරන්න. මෙම category අඩංගු combo box එකේ දැක්වෙන්නේ ඔබ කලින් නිර්මාණය කල category වර්ගයන් වේ. Save බට්න් එක හරහා ඔබේ වෙනස්කම් save කරගන්න. දැන් ඔබෙ වෙබ් පිටුවට ගොස් බැලූ විට ඔබගේ ආටිකල්ස් ඒ ඒ කාණ්ඩ යටතේ වර්ග වී ඇති ආකාරය දැකගත හැකිවනු ඇත.
අවසානයේදී මුල් වෙබ් අඩවිය සෑදූ ආකාරයටම අනවශ්‍ය ලින්ක්ස් ඉවත් කොට ඔබේ වෙබ් අඩවිය ක්‍රමානුකූලව සකස් කරගන්න. අනවශ්‍ය ලින්ක්ස් ඉවත් කොට වෙබ් අඩවිය ක්‍රමානුකූලව සකස් සකස් කරගන්නා ආකාරය මෙතැනින් බලන්න.

0 comments:
Post a Comment