මෙය කරන්නේ මුලින් සාදාගත් වෙබ් පිටු සඳහා වෙබ් සයිට් එකේ හෝම් පේජ් එකේ සිට ලින්ක් නිර්මාණය කිරීමෙනුයි. ඔබේ වෙබ් සයිට් එකේ හෝම් පේජ් එකට ගියවිට ඔබට ප්‍රධාන වශයෙන් මෙනු වර්ග 2ක් දැකිය හැකියි. ඒ Main menu හා Top menu යි.
පහත දැක්වෙන්නෙ ජූම්ලාහි default ලැබෙන ටෙම්ප්ලේට් එකේ එම මෙනු ඇති ආකාරයයි.

ඔබට මේ මෙනු වලින් ඔබේ වෙබ් පිටු වෙත පිවිසිය හැකි ලින්ක්ස් සෑදිය හැකියි.
ඔබේ ජූම්ලා ඇඩ්මින් පිටුවෙන් ඔබට මෙම මෙනු එඩිට් කරගත හැක. මේ සඳහා පළමුව ඇඩ්මින් පිටුවට යන්න.
("http://localhost/Joomla_1.5.15/administrator/" : මේ පිළිබඳ වැඩි විස්තර සඳහා ජූම්ලා වලින් වැඩ පටන් ගැනීම වෙත යන්න. )
ඇඩ්මින් පිටුවේ මෙනු ටැබ් එක මඟින් ලබා දෙන ඔප්ෂන් හරහා ඔබට මෙනු එඩිට් කිරීමේ හැකියාව ලබා දේ. ඉහත දක්වා ඇති මෙනුස් ඒ ආකරයෙන් හඳුන්වනු ලබයි. ඔබට එම මෙනුස් එඩිට් කිරීම ඇඩ්මින් පේජ් එකේ මෙනුස් ටැබ් එක හරහා කළ හැක.එම ඩ්‍රොප් ඩව්න් මෙනු එකේ ඇති main menu, user menu හා top menu හරහා ඒ එක් එක් මෙනුස් එඩිට් කල හැකිය.
Main menu ඔප්ෂන් එකට ගිය විට ඉහත දක්වා අති main menuහි අයිතම පෙන්වයි. ඔබ භාවිතා කරන ටෙම්ප්ලේට් එක සමඟ සැසඳීමෙන් මෙහි ඇති මෙනු අයිතම ඔබට හදුනාගත හැක. ඔබ සාදාගත් පේජස් සඳහා මෙනු ලින්ක්ස් සාදා ගැනීමට පලමුව ඉහල දකුණු කෙළවරේ ඇති New බට්න් එක ක්ලික් කරන්න.
අපි කලින් අර්ටිකල්ස් සාදාගත් බව ඔබට මතක ඇති. දැන් එම ආර්ටිකල්ස් මෙම මෙනු ලින්ක්ස් හරහා අපගේ වෙබ් සයිට් එකට එකතු කරගත හැක. New බට්න් එක ක්ලික් කළ පසු ඔබට මෙනු අයිතම වර්ග දැක්වෙන පිටුවක් දර්ෂණය වේ. එයින් Internal links තුල ඇති අයිතම් මඟින් ඔබේ වෙබ් පිටුවට ඔබ සාදාගත් නොයෙක් අයිතම් එක කළ හැක.අප සාදාගත්තේ articles බැවින් එහි Articles ඔප්ෂන් එක තෝරන්න. එවිට ලැබෙන ඔප්ෂන්ස් තුලින් Article Layout දැනට අපි තෝරා ගමු. මෙයින් අදහස් වන්නේ ඔබ පෙන්වන ආර්ටිකල් එක සම්පූර්ණයෙන් ඔබේ වෙබ් පිටුව මත දර්ශණය වන බවයි.
එවිට ලැබෙන්නේ ඔබෙ අර්ටිකල් එක වෙබ් පිටුවට එක් කල හැකි වින්ඩෝවයි. පළමුව වෙබ් පිටුවට පෙන්විය යුතු ටයිට්ල් එක ලබා දෙන්න.

පළමුව වෙබ් පිටුවට පෙන්විය යුතු ටයිට්ල් එක ලබා දෙන්න.

අනෙකුත් ඔප්ෂන්ස් පහත පරිදි වේ.
Link :ආටිකල් එක ඇක්සස් කල හැකි ලින්ක් එක දක්වයි.මෙය ඩිෆෝල්ට් අගයම තබන්න.
Display in : ආටිකල් ලින්ක් එක පෙන්විය යුතු මෙනුවයි.
Parent Item: මෙමඟින් අර්ටිකල් එකේ මෙනු එකේ සැකැස්ම සැකසිය හැක. ඔබේ මෙනු අයිතම්ය තිබිය යුතු තැන මෙමඟින් තෝරන්න. මෙහි දක්වා ඇත්තේ දැනට පවතින මෙනු අයිතම වේ.
Published : මෙහි Yes ඔප්ෂන් එක තොරන්න. එවිට පමනක් ඔබේ අර්ටිකල් එක වෙබ් පිටුවේ දර්ශණය වේ.
ඉන් පසු අනෙක් පස ඇති Parameters(Basic) වෙත ගොස් Select ක්ලික් කරන්න. එවිට ඔබ සාදාගත් ආර්ටිකල් සියල්ලත්, ඩිෆොල්ට් එන ආර්ටිකල් සියල්ලත් පෙන්වයි. මෙනු අයිතමය මඟින් ලින්ක් විය යුතු ආර්ටිකල් එක තෝරන්න.

ඔබ ඔබේ ආටිකල් එක වෙබ් පිටුවට එක් කර හමාරයි. දැන් නැවත ඔබේ වෙබ් පිටුවේ Home පේජ් එකට යන්න.
එය http://localhost/Joomla_1.5.15/ මඟින් කළ හැක.
මා යොදාගත් උදාහරණයට අනුව HOME පේජ් එකේ main මෙනු එක පහත පරිදි විය යුතුය.එහි main menu එකේ Home නමින් ලින්ක් 2ක් ඇත. එහි 2වෙනියට ඇතේ මා නිර්මාණය කල එකයි. මුල් එක default පැමිණි එකයි.
අදාල ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් ඔබේ ආර්ටිකල් එක ඇක්සස් කළ හැක. නමුත් ඔබෙ වෙබ් පිටුවේ වෙනත් බොහෝ අනවශ්‍ය දෑ ඇති බව ඔබට පෙනේ. එවා ඉවත් කර වෙබ් පිටුව සාදා ගන්න ආකාරය දැන් බලමු.

0 comments:
Post a Comment