ඔබගේ බ්‍රව්සරයෙන් පලමුව localhost වෙත යන්න. (මෙහිදී ඔබ පරිගණකයේ ස(ර්)වරය ක්‍රියාත්මකව ඇති බවට වග බලා ගන්න.)
උදා. http://localhost - WAMP
http://localhost : 8080 - xampp
එවිට ඔබට ඔබේ රූට් ෆෝල්ඩරයේ ඇති අයිතම පෙන්නනවා ඇති. (WAMP අදාලව)
එහි ඇති Joomla යොමුව මත ක්ලික් කිරීමෙන් ඔබව Joomla හි ප්‍රධාන පිටුවට යොමු වේ. එය සම්පූර්ණ කරන ලද වෙබ් පිටුවක් බව ඔබට දක්නට ලබේවි.
නැතහොත් http://localhost/joomla 1.5.15 ආකරයට වෙබ් බ්‍රව්සරය මඟින් කෙලින්ම Joomla ලෝඩ් කරගත හැකියි.
දැන් ඔබ කල යුත්තේ මෙය edit කිරීම පමණයි. අපි බලමු එය කරන විදිය.
පළමුව මෙම වෙබ් පිටුව හොඳින් නිරීක්ෂණය කරන්න.එහි ඇති අයිතමයන් වෙනස් කරමින් ඔබට වෙබ් පිටුව ඔබට අවශ්‍ය ආකාරයට සකස් කරගත හැක.ඒ සඳහා administrator ලෙස ලොගින් විය යුතුය.
මේ සඳහා ඔබ administrator යූසර් නේම් හා පාස් වර්ඩ් බාවිතා කල යුතුවේ.
පළමුව address bar එකේ "http://localhost/Joomla_1.5.15/administrator/" ලෙස පාත් එක ලබා දී ඇඩ්මින් ලොගින් පේජ් එකට යන්න.
එහිදී ඔබේ admin යූසර් නේම් හා පාස් වර්ඩ් ලබා දීමෙන් ඔබට වෙබ් පිටුවේ back-end එකට ලොග් විය හැක. එහිදී ඔබව යොමු වන්නේ Joomla හි ඔබ අරඹන ලද වෙබ් පිටුවේ කන්ට්‍රෝල් පැනල් එකට වන අතර, ඒ හරහා ඔබට ඔබේ වෙබ් පිටුව customize කරගත හැක.
ඔබට අවශ්‍ය ආකාරයට වෙබ් පිටුවට අයිතම එකතු කිරීමට, ඉවත් කිරීමට, ටෙම්ප්ලේට් වෙනස් කිරීමට, අන්තර්ගතයන් වෙනස් කිර්‍රමට ආදීවන සියලු හැකියාවන් ඔබට මෙහිදී අත්විඳිය හැක.

2 comments:
බුදු අම්මෝ ඇති යාන්තම්...ජුම්ලා ඉගෙන ගන්න විදිහක් හොයන්න මැරැනේ හැටියට මම මෙහෙම ඉන්න එක ලොකු දෙයක්..
අනේ මග නතර නොකර ගුරැ මුට්ටි නැතිව කියලදෙන්න...
පින්...
බොහෝම ස්තූතියි යාලුවා.....
Post a Comment