අපි කවුරුත් දන්න මොසිල්ලා ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරයේ 4.0 වෙනි සංස්කරණයේ බීටා version එක පසුගිය ජුලි මස නිකුත් උනා. මේ සංස්කරණය අනික් සංස්කරණ වලට වඩා පැහැදිලි වෙනස්කම් වලින් යුක්තයි. වඩාත් දැකපු ගමන් හදුනාගතහැකි වෙනස වන්නේ වින්ඩෝස් 7 වල මෙන් ඇති aero type ඉන්ට(ර්)ෆේස් එකයි. ඊට අමතරව මෙහි ටැබ්ස් සකස් කර තිබෙන්නේත් Google chrome වල මෙන් පහසුවෙන් එහා මෙහා කළ හැකි ආකරයටයි.
මෙම අළුත් සංස්කරණයේ අලුත් අංග බොහොමයක් තියනවා. Firefox app button ඉන් එකක්. ඒ මගින් සියළුම ප්‍රධාන විධාන වලට ගමන් කල හැකියී. ඊට අමතරව සෙවුම් හා bookmarks සඳහා වෙනමම ටැබ්ස් අතුලත් කොට තිබෙනවා. Firefox 4.0, HTML5 සඳහා සහයෝගය දක්වන අතර, CSS සඳහා අනෙක් version වලට වඩා වැඩි සහයෝගයක් දක්වයි.
ඊට අමතරව Firefox 4.0, add-on කළමනාකරණය සඳහා වෙනමම tabs සපයා ඇත. මීට අමතරව මඟින් සපයා අති නවතම පහසුකම් අතර කිහිපයක් වන්නේ,
මල්ටි ටච් පහසුකම - මෙය ටච් ස්ක්‍රීන් සහිත උපාංග වලදී පාවිච්චිය පහසු කරයි.
වෙබ් ජීඑල් (Web GL) පහසුකම - වෙබ් බ්‍රව්සරය තුලදීම 3D ග්‍රැෆික්ස් බලා ගැනීමේ පහසුකම සපයයි.
වෙබ් එම් (Web M) පහසුකම - ඕපන් ෆෝමැට් එකේ වීඩියෝ නැරඹීමේ හැකියාව ලබා දෙයි.
දැනට නිකුත්ව ඇත්තේ බීටා එක පමණක් වන අතර අවසාන රිලීස් එක නොවැම්බර් මස නිකුත් වීමට නියමිතය.
මෙම සංස්කරණයේ screen shots සඳහා https://wiki.mozilla.org/Firefox/4.0_Windows_Theme_Mockups වෙත පිවිසෙන්න.
Firefox 4.0 හි බීටා version එක බාගත කිරීම සඳහා
http://www.mozilla.com/en-US/firefox/all-beta.html වෙත පිවිසෙන්න.

0 comments:
Post a Comment