ඔබට දැන් Joomla හි administrator පිටුව හොඳට පුරුදු ඇති. Joomla මෙනු බා(ර්) එකේ මෙනු අයිතම කීපයක්ම ඔබට දැකගත හැකියි.ඒවා නම් "Menus", "Content","Components", "Extensions", "Tools" හා "Help" යන ඒවායි. මේ සියල්ල තුලම ඇති නොයෙකුත් විධාන මඟින් ඔබේ වෙබ් පිටුව ඩිසයින් කරගත හැකියි.
පලමුව මේවා අතුරින් "Extensions" මෙනුව ගැන මම කියන්නම්. ඊට හේතුව එම මෙනුව තුල ඇති "Template manager" විකල්පයයි.
"Extensions" මෙනුවේ මුලින්ම ඇත්තේ "Install/Uninstall" නැමැති විකල්පයයි. ඊට යටින් සෙපරේටර් ලෙස හදුන්වන ඉරකින් ඉතිරි විකල්ප වෙන් කර ඇති බව ඔබට පෙනෙනවා ඇති. මෙය සම්පූර්ණ Joomla ඇඩ්මින් පැනල් එකේ සියළුම මෙනූස් සඳහා එකම ආකාරයේ වේ. මෙම සෙපරේටරයකින් වෙන් කර ඇති විකල්ප සෑම විටම මුල් විකල්පයේ උප විකල්ප ලෙස හැඳින්විය හැක.
"Install/Uninstall" මඟින් ඔබව යොමු වන්නේ extension manager වෙතයි. ඒ මගින් ඔබට Joomla සඳහා අන්තර්ජාලයෙන් හෝ වෙනයම් ආකාරයකින් ලබා ගත හැකි නොයෙක් extensions ජූම්ලා තුලට ඉන්ස්ටෝල් කරගත හැකියි. මෙම extension නොයෙක් වර්ග වලින් එනම් components, modules, plugins ආදී වශයෙන් ලබා ගතහැක. ඔබ්ට මූලික වශයෙන් ජූම්ලා තුල අන්තර්ගත extensions බලා ගැනීමටත් ඒවා අවශ්‍ය පරිදි කලමනාකරණය කරගැනීමටත් මෙමඟින් පහසුකම් සැපයේ.
මීට අමතරව මේ තුල "Language" නමින් විකල්පයක්ද ඇත. මේ මඟින් සිදු වන්නේ ඔබගේ Joomla ප්ලැට්ෆෝ(ර්)ම් එක ක්‍රියාත්මක වන භාෂාව වෙනස් කිරීමයි.
මීළඟට ඇති "Template" විකල්පය මෙහි ඇති වැදගත්ම විකල්පය වේ. මේ මඟින් කෙරෙන්නේ ඔබගේ වෙබ් පිටුවේ මූලික ස්වරූපය වෙනස් කිරීම්යි. ඔබ තෝරාගන්න ටෙප්ලේට් එක අනුව ඔබෙ වෙබ් පිටුවේ මූලික ස්වරූපය වෙනස් වේ. ඒ අනුව මෙ විකල්පය ඔබ වෙබ් පිටුවක් නිර්මාණය කිරීමෙදී සම්ප්‍රේෂ වන ප්‍රථම අයිතමය විය යුතුය. (ඔබ ඩිෆොල්ට් ටෙම්ප්ලෙට් එක භවිතා නොකරයි නම්.) මෙම තෝරාගැනීම මත අනෙක් සියළු අංග (මෙනු, ආටිකල්ස් , බැනර්ස් ආදිය ) වෙනස් වේ.
ඔබට සිදුකරන වෙනස් කම් , Joomla administrator පිටුවේ ඉහළ දකුණු පස ඇති "preview" මත ක්ලික් කිරීමෙන් බලාගත හැක.

0 comments:
Post a Comment