ඉතිහාසයෙන් බිඳක්....
ජූම්ලා වල ආරම්භය සටහන් වන්නේ 2001දීයි. ඒ ඕස්ට්‍රේලියානු සමාගමක් වන ආයතනය මඟින් නිර්මණය කරන "Mambo" නැමති අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් (content management system - CMS) හරහායි. මෙම සමාගම පසුව කොටස් 2කට වෙන්වී වෙබ් අන්තර්ගත කළමනාකරණ පද්ධතියේ ඉදිරි ගමන දිශා 2කට වෙන් වෙනවා. ඒ වාණිජ අරමුණක් සහිත සංස්කරණයක් හා විවෘත කේත සහිත මෘදුකාංගයක් වශයෙනුයි.නිදහස් විවෘත කේත සහිත සංස්කරණය පවතවගෙන යාම සඳහා පදනමක් ද පිහිටුවා ගන්නා ලදි.
නමුත් පසුව 2005 සැප්තම්බර් 1 වෙනිදා "Manbo" හි නිදහස් විවෘත කේත සහිත සංස්කරණය වෙනමම මෘදුකාංගයක් ලෙස "Joomla" නමින් එළි දක්වන ලදි. "Jomla" යනු අප්‍රිකානු භාෂාවක වචනයක් වන අතර එහි තේරුම "සියල්ලන්ම එකට" ලෙස දක්විය හැක. නිදහස් මෘදුකාංගයක් ලෙස ජූම්ලා ඉදිරිපත් කෙරුනු බැවින් මෙය වඩාත් අර්ථවත් විය.
Joomla ඉක්මනින්ම එහි වාණිජ සංස්කරණයට වඩා ජනප්‍රියත්වයෙන් ඉහලට පැමිණි අතර, බොහෝ 3වැනි පාර්ෂවයේ මෙවලම් මඟින් වඩාත් පෝෂණය විය.ඒ හරහා Joomla වඩා විශ්වාසනීය වෙබ් අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් ලෙස ප්‍රචලිත විය.
Joomla, 2005දී හොඳම ලිනක්ස් හෝ විවෘත මෘදුකාංගය ලෙස සම්මානයටද පාත්‍ර විය.
දැනට නිකුත් වි ඇති නවතම Joomla සංස්කරණය Joomla 1.5.20 වන අතර (2010 ජූලී), එහි 1.6 වන සංස්කරණයේ බීටා නිකුතුව ද අත්හදා බැලීමේ සංස්කරණයක් ලෙස නිකුත් කොට ඇත.

1 comments:
ජූම්ලා ඉගෙන ගන්න හොඳ තැනක් දන්නවනම් කියනවද ?
Post a Comment