ජූම්ලා වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත(Content) වර්ග 2ක් භාවිත කරන්වා.
ඒවා නම්
1. වර්ග කරන ලද අන්තර්ගත (Categorized content)
2. වර්ග නොකරන ලද අන්තර්ගත යි. (Uncategorized content)
වර්ග නොකරන ලද අන්තර්ගත ලෙස හඳුන්වන්නේ වෙබ් අඩවියේ පෙන්වන සාමාන්‍ය වෙබ් පිටුයි. වර්ග කරන ලද අන්තර්ගත ලෙස හඳුන්වන්නේත් ඒ අකාර්යේම වෙබ් පිටු උවත් ඒවායේ විශේෂත්වය වන්නේ එම වෙබ් පිටු යම්කිසි ව්‍යුහයකට (Structure) අයත්ව පැවතීමයි. මෙම ව්‍යුහය අංශයන් (Sections) හා ප්‍රබේදයන්/වර්ගයන් ගෙන් (Categories) සමන්විත වේ.
එක් එක් අංශයන් විවිධ ප්‍රබේදයන්ගෙන් සමන්විත වේ. අප සාදන වෙබ් පිටු අයත් වන්නේ මේ එක් එක් ප්‍රබේදයන්ටය.(Categories). මෙම වෙබ් පිටු content items ලෙසද හැඳින්වේ.

මේ ආකාරයේ සැකැස්මක් සහිත වෙබ් අඩවියක් සෑදීම සඳහා කලින් ආකාරයේම පියවර කිහිපයක් අනුගමනය කල හැක.
1. වෙබ් අඩවිය නම් කිරීම
2. වර්ග නොකරන ලද අන්තර්ගත සහිත පිටු නිර්මාණය
3. Sections නිර්මාණය
4. එක් එක් සෙක්ෂන් එක සඳහා category නිර්මාණය
5. සකස් කරන ලද අර්ටිකල්ස් එක් එක් category එකට එක් කිරීම
6. සියළුම අංශ සඳහා මෙනු ලින්ක්ස් නිර්මාණය
මෙහි මුල් පියවරයන් ඉහත පෝස්ට් වල ආකාරයේම වේ.පලමු පියවර 2කේ සඳහන් පියවරයන් කරන ආකරය දැන ගැනීමට මෙම පෝස්ට් බලන්න.
Sections නිර්මාණය කිරීම සඳහා ඇඩ්මින් පේජ් එකට ගොස් "Section manager" ෂොර්ට් කට් එක ක්ලික් කරන්න. Content මෙනුවේ ඇති section manager හරහාද ඔබට මෙයට පිවිසිය හැකියි. එහිදී ඔබට දැනට ඇති සෙක්ෂන්ස් පෙන්වන අතර "New" හරහා අලුත් සෙක්ෂන් එකක් සාඳා ගැනීමට හැක. සෙක්ෂන් එකට අඳාලව නමද අවශ්‍යනම් ඒ පිළිබඳ විස්තරයක්ද ඔබට ලැබෙන ෆෝර්ම් එකේ සටහන් කළ හැක."Save" බ්ට්න් එක ක්ලික් කිරීමෙන් මෙම section එක ලිස්ට් එකට එක් කර ගත හැකියි. මේ ආකාරයට ඔබට අවශ්‍ය තරමක් සෙක්ෂන්ස් සාඳාගත හැක.
දැන් ඒ එක් එක් සෙක්ෂන් එකට අදාලව "category" සාදන ආකාරය බලමු. මේ සඳහා භාවිතා කරන්නේ "Category manager" යි. එයට පිවිසීමට ඇඩ්මින් පැනල් එකේ ෂෝර්ට් කට් එක හෝ "Content" මෙනුවේ Category manager භාවිතා කල හැක.
එවිට ඔබට කලින් සාදා ගත් එක් එක් සෙක්ෂන්ස් සඳහා categories සෑදීමට භාවිත කල හැකි පෝරමයක් ලැබේ.

Title ලෙසට ඔබට සකස් කිරීමට අවශ්‍ය category එකේ නමද "section" එක සඳහා ඒ ඒ category එක අයත් විය යුතු "section" එකේ නමද ලබා දෙන්න.sections ඔබ කලින් සාඳාගත් Sections වලින් ලෙහෙසියෙන් select කර ගැනීමට ඒවා drop down මෙනු එකක් ලෙස මෙහි සපයා ඇත.
"Save" බට්න් එක මඟින් ඔබේ සිලෙක්ෂන්ස් save කරගත හැකි අතර සියළුම sections සඳහා අවශ්‍ය පරිදි categories සාදාගන්න.
දැන් ඇත්තේ එක් එක් category එක සඳහා අදාල වෙබ් පිටු නියම කිරීමයි.

0 comments:
Post a Comment