Pages

Wednesday, August 25, 2010

ජූම්ලා පරිපාලකයා 2

ඔබට දැන් Joomla හි administrator පිටුව හොඳට පුරුදු ඇති. Joomla මෙනු බා(ර්) එකේ මෙනු අයිතම කීපයක්ම ඔබට දැකගත හැකියි.ඒවා නම් "Menus", "Content","Components", "Extensions", "Tools" හා "Help" යන ඒවායි. මේ සියල්ල තුලම ඇති නොයෙකුත් විධාන මඟින් ඔබේ වෙබ් පිටුව ඩිසයින් කරගත හැකියි.
පලමුව මේවා අතුරින් "Extensions" මෙනුව ගැන මම කියන්නම්. ඊට හේතුව එම මෙනුව තුල ඇති "Template manager" විකල්පයයි.

"Extensions" මෙනුවේ මුලින්ම ඇත්තේ "Install/Uninstall" නැමැති විකල්පයයි. ඊට යටින් සෙපරේටර් ලෙස හදුන්වන ඉරකින් ඉතිරි විකල්ප වෙන් කර ඇති බව ඔබට පෙනෙනවා ඇති. මෙය සම්පූර්ණ Joomla ඇඩ්මින් පැනල් එකේ සියළුම මෙනූස් සඳහා එකම ආකාරයේ වේ. මෙම සෙපරේටරයකින් වෙන් කර ඇති විකල්ප සෑම විටම මුල් විකල්පයේ උප විකල්ප ලෙස හැඳින්විය හැක.

"Install/Uninstall" මඟින් ඔබව යොමු වන්නේ extension manager වෙතයි. ඒ මගින් ඔබට Joomla සඳහා අන්තර්ජාලයෙන් හෝ වෙනයම් ආකාරයකින් ලබා ගත හැකි නොයෙක් extensions ජූම්ලා තුලට ඉන්ස්ටෝල් කරගත හැකියි. මෙම extension නොයෙක් වර්ග වලින් එනම් components, modules, plugins ආදී වශයෙන් ලබා ගතහැක. ඔබ්ට මූලික වශයෙන් ජූම්ලා තුල අන්තර්ගත extensions බලා ගැනීමටත් ඒවා අවශ්‍ය පරිදි කලමනාකරණය කරගැනීමටත් මෙමඟින් පහසුකම් සැපයේ.

මීට අමතරව මේ තුල "Language" නමින් විකල්පයක්ද ඇත. මේ මඟින් සිදු වන්නේ ඔබගේ Joomla ප්ලැට්ෆෝ(ර්)ම් එක ක්‍රියාත්මක වන භාෂාව වෙනස් කිරීමයි.

මීළඟට ඇති "Template" විකල්පය මෙහි ඇති වැදගත්ම විකල්පය වේ. මේ මඟින් කෙරෙන්නේ ඔබගේ වෙබ් පිටුවේ මූලික ස්වරූපය වෙනස් කිරීම්යි. ඔබ තෝරාගන්න ටෙප්ලේට් එක අනුව ඔබෙ වෙබ් පිටුවේ මූලික ස්වරූපය වෙනස් වේ. ඒ අනුව මෙ විකල්පය ඔබ වෙබ් පිටුවක් නිර්මාණය කිරීමෙදී සම්ප්‍රේෂ වන ප්‍රථම අයිතමය විය යුතුය. (ඔබ ඩිෆොල්ට් ටෙම්ප්ලෙට් එක භවිතා නොකරයි නම්.) මෙම තෝරාගැනීම මත අනෙක් සියළු අංග (මෙනු, ආටිකල්ස් , බැනර්ස් ආදිය ) වෙනස් වේ.

ඔබට සිදුකරන වෙනස් කම් , Joomla administrator පිටුවේ ඉහළ දකුණු පස ඇති "preview" මත ක්ලික් කිරීමෙන් බලාගත හැක.

Share/Bookmark

Tuesday, August 24, 2010

ජූම්ලා පරිපාලකයා 1



කලින් පෝස්ට් එකේදි කිව්වා වගේ ඇඩ්ම්න් විදියට ලොග් උනොත් අපිට Joomla බැක් එන්ඩ් එකට යන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදියට ලොග් උනාම යොමු වන පිටුවයි. මේක Joomla වල පරිපාලක පිටුව ලෙස හැදින්වෙනවා.

මෙහි ඉහලින්ම ඔබේ වෙබ් අඩවියේ නම සඳහන් වෙනවා. උදාහරණයක් ලෙස, මෙහි දැක්වෙන පින්තූර්යේ අදාල වෙබ් අඩවියේ නම ලෙස myjoomla ලෙස සඳහන් වෙනවා දැකිය හැකියි.

මෙහි ඇති මෙනුස් වලින් අපට අවශ්‍ය කටයුතු කර ගැනීමට අදාල ටූල්ස් තෝරාගත හැක. එමෙන්ම මෙහි අයිකන්ස් මගින් පහසුවෙන් වඩාත් උවමනා ටූල්ස් භාවිතා කිරීමේ පහසුවද සපයා ඇත. මෙහිදී කල හැක්කේ පලමුව ලබා දී තිබූ ටෙම්ප්ලේට් එකේ ඇති අයිත්ම වෙනස් කිරීමයි. ඒ මඟින් අපට අවශ්‍ය වෙබ් පිටුව නිර්මාණය කරගත හැක.

මෙහිදී අප ඇඩ්මින් ලෙස ලොග් වී ඇති බව මතක තබා ගන්න. පළමුව "Site" මෙනු එකට ගියවිට අපට, control panel , user manager, media manager, global configuration, logout වශයෙන් එහි අයිතම දැකගත හැකියි.

control panel - මූලිකව අපට ලබා දෙන ඉක්මන් කෙටි මං ඇතුලත් වින්ඩෝව පෙන්වයි.

user manager - Joomla වෙබ් අඩවියට ප්‍රවේශ වීමට ලියාපදිංචි වූ යූසර්ස්ලා පිලිබඳව විස්තර පෙන්වයි. මෙය පෙන්වන්නේ admin ලෙස ලොග් වූ විට පමණි. මෙහිදී පරිපාලකයාට අවශ්‍ය පරිදි වරප්‍රසාද පාලනය කළ හැක.

media manager - මෙය ඔබේ වෙබ් අඩවියේ සම්පත් ගබඩාව වේ. මෙය ඉතා වැදගත් වේ. ඔබේ වෙබ් පිටුවේ ඇති සියළුම කම්පොනන්ට්ස් වෙනස් කිරීම, ඉවත් කිර්‍රීම හෝ ඇතුල් කිරීම මෙහිදී කල හැක.

global configuration - මෙහිදී ඔබ වෙබ් අඩවිය අන්තර්ජාලයට එකතු කිරීමේදී ඇතුලත් කල ‍යුතු යම් යම් විධානයන් සැපයීමට අවශ්‍ය පහසුකම් සපයයි.
උදා. metadata
offline massages
server settings
system settings



Share/Bookmark

Monday, August 23, 2010

ජූම්ලා වලින් වැඩ පටන් ගැනීම.

දැන් Joomla පරිගණකයේ ස්තාපනය කර ඇති නිසා ඔබට Joomla මඟින් වෙබ් පිටු නිර්මාණය සඳහා යොමු විය හැකියි.
ඔබගේ බ්‍රව්සරයෙන් පලමුව localhost වෙත යන්න. (මෙහිදී ඔබ පරිගණකයේ ස(ර්)වරය ක්‍රියාත්මකව ඇති බවට වග බලා ගන්න.)

උදා. http://localhost - WAMP
http://localhost : 8080 - xampp


එවිට ඔබට ඔබේ රූට් ෆෝල්ඩරයේ ඇති අයිතම පෙන්නනවා ඇති. (WAMP අදාලව)
එහි ඇති Joomla යොමුව මත ක්ලික් කිරීමෙන් ඔබව Joomla හි ප්‍රධාන පිටුවට යොමු වේ. එය සම්පූර්ණ කරන ලද වෙබ් පිටුවක් බව ඔබට දක්නට ලබේවි.

නැතහොත් http://localhost/joomla 1.5.15 ආකරයට වෙබ් බ්‍රව්සරය මඟින් කෙලින්ම Joomla ලෝඩ් කරගත හැකියි.

දැන් ඔබ කල යුත්තේ මෙය edit කිරීම පමණයි. අපි බලමු එය කරන විදිය.

පළමුව මෙම වෙබ් පිටුව හොඳින් නිරීක්ෂණය කරන්න.එහි ඇති අයිතමයන් වෙනස් කරමින් ඔබට වෙබ් පිටුව ඔබට අවශ්‍ය ආකාරයට සකස් කරගත හැක.ඒ සඳහා administrator ලෙස ලොගින් විය යුතුය.
මේ සඳහා ඔබ administrator යූසර් නේම් හා පාස් වර්ඩ් බාවිතා කල යුතුවේ.

පළමුව address bar එකේ "http://localhost/Joomla_1.5.15/administrator/" ලෙස පාත් එක ලබා දී ඇඩ්මින් ලොගින් පේජ් එකට යන්න.
එහිදී ඔබේ admin යූසර් නේම් හා පාස් වර්ඩ් ලබා දීමෙන් ඔබට වෙබ් පිටුවේ back-end එකට ලොග් විය හැක. එහිදී ඔබව යොමු වන්නේ Joomla හි ඔබ අරඹන ලද වෙබ් පිටුවේ කන්ට්‍රෝල් පැනල් එකට වන අතර, ඒ හරහා ඔබට ඔබේ වෙබ් පිටුව customize කරගත හැක.

ඔබට අවශ්‍ය ආකාරයට වෙබ් පිටුවට අයිතම එකතු කිරීමට, ඉවත් කිරීමට, ටෙම්ප්ලේට් වෙනස් කිරීමට, අන්තර්ගතයන් වෙනස් කිර්‍රමට ආදීවන සියලු හැකියාවන් ඔබට මෙහිදී අත්විඳිය හැක.

Share/Bookmark

Thursday, August 19, 2010

ජූම්ලා පරිගණකයේ ස්ථාපනය කරන්නේ මෙහෙමයි..

ජූම්ලා වල වැදගත් ලක්ෂණයක් තමයි ජූම්ලා ස්ථාපනය කිරීමේ ඇති පහසුව. පළමුව කළ යුත්තේ අවශ්‍ය ජූම්ලා මෘදුකාංගය බාගත කර ගැනීමයි. එය මෙතනින් කර ගත හැක.


මෙහිදී දැනට ඇති නවතම සංස්කරණ දැක ගත හැකි අතර, ඒවයින් නවතම සම්පූර්ණ සංස්කරණය බාගත කරගන්න.
එවිට ඔබට ජූම්ලා හි නවතම සංස්කරනයේ setup එක ලැබේවි.

Joomla ස්ථාපනය කිරීම සඳහා තිබිය යුතු මූලික අවශ්‍යතා වන්නේ පරිගණකයේ කුමක් හෝ ස(ර්)වරයක් ස්තාපනය කොට පැවතීම පමණයි. (මෙහිදී මම ඔන්ලයින් ස(ර්)වරයක් බවිත කිරීම මදක් අමතක කොට desktop ස(ර්)වරය ආධාරයෙන් Joomla ස්තාපනය කරන හැටි මුලින් කියන්නම්. )

මෙහිදී ස(ර්)වරය ඕනෑම ඩෙස්ක්ටොප් ස(ර්)වරයක් විය හැකියි. මුල් පියවරයන් ඉතා පහසුයි. පලමුව බගත කරගත් Joomla සංස්කරණයේ හැකිළුම දිගහැරගන්න. එවිට ලැබෙන ෆෝල්ඩරය ස(ර්)වරයේ root ෆෝල්ඩරයට කොපි කරගත යුතුය.

උදා: Wamp ස(ර්)වරය නම් www ෆෝල්ඩරයට , xampp නම් htdocs ෆෝල්ඩරයට, tomcat නම් webapps ෆෝල්ඩරයට ආදී වශයෙන්.

ඉන් පසු phpmyadmin වෙත ගොස් " create new database " හරහා joomla නමින් database එකක් create කරගන්න.

දැන් වෙබ් බ්‍රව්සරය වෙත ගොස් localhost හරහා අදාල Joomla ෆෝල්ඩරය වෙත පිවිසෙන්න.
eg : http://localhost/joomla 1.5.20

එවිට ඔබට Joomla ස්ථාපනය කිරීම සදහා ලබෙන වෙබ් පිටුව දක්නට ලැබේ. පළමුව ලැබෙන්නේ Joomla ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් ඇත්දැයි පරීක්ෂා කෙරෙන පියවරකි.


ඉන්පසු ලැබෙන පියවරේදී ඔබ දත්ත කිහිපයක් ලබා දිය යුතුය.
1. Host name - මෙය සාමාන්‍යයෙන් localhost ය.
2. mysql & password - මෙය ඔබගේ ස(ර්)වරයේ යූසර් නේම් එක හා පාස්වර්ඩ් එක වේ. මෙය default, root සහ වේ.
3. mysql database name - මෙය අපි පළමුව සාදාගත් පරිදි "joomla" ලෙස ලබා දිය යුතුය.
4. mysql table prefix යටතේ "install template data" චෙක් කරන්න - මේ මඟින් "Joomla" වෙත example දත්ත ප්‍රමාණයක් ඇතුලත් කෙරේ.


ඊළඟ පියවරට ගිය පසු, සියළු දත්ත නිවැරදි නම් ඔබට නිර්මාණය කිරීමට අවශ්‍ය වෙබ් පිටුවේ නම ඇතුලත් කිරීමට අදාල පියවර පෙන්වනු ඇත.

ඊලඟ පියවරේදී ඔබට ඔබේ ඊ මේල් ලිපිනය හා ප්‍රොජෙක්ට් පාත් එක ලබා දීය යුතු අදියරක් පෙන්වයි. මෙහිදී ඔබට කැමති ලෙස ප්‍රොජෙක්ට් නාමය වෙනස් කරගත හැක. ඒ අනුව URL එක හා පාත් එක සැපයිය යුතු වේ.අප මෙහිදී localhost භාවිතා කරන බැවින් ඊ මේල් ලිපිනය එතරම් වැදගත් නොවේ. නමුත් admin password එක දීමේදී සැලකිලිමත් විය යුතු වේ.

අපි දැනට ආරභක අවස්තාවේ සිටින බැවින් file permission හා directory permission යන කරුණු පිළිබඳව සිතිය යුතු නොවේ. ඒවා ඒ අයුරින්ම තැබීමට වගබලා ගන්න. දැන් ඊළඟ පියවරට යන්න.


මෙම පියවරේදී Joomla ස්ථාපනය කිරීම අවසන් වන අතර මෙහිදී ඔබට installation folder එක delete කරන ලෙස සඳහන් පණිවිඩයක් දිස්වනු ඇත. මෙම folder එක පිහිටා අත්තේ Joomla folder එක තුලයි. එම folder එක delete කර දමන්න.

දැන් ඔබට ලැබෙන වින්ඩෝවෙන් ඔබට අවශ්‍ය පරිදි Joomla හි පාලක පුවරුවට හෝ වෙබ් පිටුව නිර්මාණය කිරීමට යොමු විය හැක.


ආශ්‍රිත : http://www.my-guides.net

Share/Bookmark

ජූම්ලා.....

ජූම්ලා කියන්නෙ ඕපන් සො(ර්)ස් වෙබ් අන්තර්ගත කළමනාකරණ පද්ධතියක්.ඒකෙන් කරන්නේ පහසුවෙන් ඕනෑම කෙනෙකුට වෙබ් පිටු නිර්මණය කිරීමට හා පලකිරීමට අවශ්‍ය මෙවලම් සැපයීමයි. මෙය වෙබ් පිටු නිර්මණය කිරීමට පහසුව සලසන framework එකක් ලෙසද හැදින්විය හැක.

ඉතිහාසයෙන් බිඳක්....

ජූම්ලා වල ආරම්භය සටහන් වන්නේ 2001දීයි. ඒ ඕස්ට්‍රේලියානු සමාගමක් වන ආයතනය මඟින් නිර්මණය කරන "Mambo" නැමති අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් (content management system - CMS) හරහායි. මෙම සමාගම පසුව කොටස් 2කට වෙන්වී වෙබ් අන්තර්ගත කළමනාකරණ පද්ධතියේ ඉදිරි ගමන දිශා 2කට වෙන් වෙනවා. ඒ වාණිජ අරමුණක් සහිත සංස්කරණයක් හා විවෘත කේත සහිත මෘදුකාංගයක් වශයෙනුයි.නිදහස් විවෘත කේත සහිත සංස්කරණය පවතවගෙන යාම සඳහා පදනමක් ද පිහිටුවා ගන්නා ලදි.

නමුත් පසුව 2005 සැප්තම්බර් 1 වෙනිදා "Manbo" හි නිදහස් විවෘත කේත සහිත සංස්කරණය වෙනමම මෘදුකාංගයක් ලෙස "Joomla" නමින් එළි දක්වන ලදි. "Jomla" යනු අප්‍රිකානු භාෂාවක වචනයක් වන අතර එහි තේරුම "සියල්ලන්ම එකට" ලෙස දක්විය හැක. නිදහස් මෘදුකාංගයක් ලෙස ජූම්ලා ඉදිරිපත් කෙරුනු බැවින් මෙය වඩාත් අර්ථවත් විය.

Joomla ඉක්මනින්ම එහි වාණිජ සංස්කරණයට වඩා ජනප්‍රියත්වයෙන් ඉහලට පැමිණි අතර, බොහෝ 3වැනි පාර්ෂවයේ මෙවලම් මඟින් වඩාත් පෝෂණය විය.ඒ හරහා Joomla වඩා විශ්වාසනීය වෙබ් අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් ලෙස ප්‍රචලිත විය.

Joomla, 2005දී හොඳම ලිනක්ස් හෝ විවෘත මෘදුකාංගය ලෙස සම්මානයටද පාත්‍ර විය.

දැනට නිකුත් වි ඇති නවතම Joomla සංස්කරණය Joomla 1.5.20 වන අතර (2010 ජූලී), එහි 1.6 වන සංස්කරණයේ බීටා නිකුතුව ද අත්හදා බැලීමේ සංස්කරණයක් ලෙස නිකුත් කොට ඇත.

Share/Bookmark

Thursday, August 5, 2010

මොසිල්ලා ෆයර්ෆොක්ස් 4.0

අපි කවුරුත් දන්න මොසිල්ලා ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරයේ 4.0 වෙනි සංස්කරණයේ බීටා version එක පසුගිය ජුලි මස නිකුත් උනා. මේ සංස්කරණය අනික් සංස්කරණ වලට වඩා පැහැදිලි වෙනස්කම් වලින් යුක්තයි. වඩාත් දැකපු ගමන් හදුනාගතහැකි වෙනස වන්නේ වින්ඩෝස් 7 වල මෙන් ඇති aero type ඉන්ට(ර්)ෆේස් එකයි. ඊට අමතරව මෙහි ටැබ්ස් සකස් කර තිබෙන්නේත් Google chrome වල මෙන් පහසුවෙන් එහා මෙහා කළ හැකි ආකරයටයි.

මෙම අළුත් සංස්කරණයේ අලුත් අංග බොහොමයක් තියනවා. Firefox app button ඉන් එකක්. ඒ මගින් සියළුම ප්‍රධාන විධාන වලට ගමන් කල හැකි‍යී. ඊට අමතරව සෙවුම් හා bookmarks සඳහා වෙනමම ටැබ්ස් අතුලත් කොට තිබෙනවා. Firefox 4.0, HTML5 සඳහා සහයෝගය දක්වන අතර, CSS සඳහා අනෙක් version වලට වඩා වැඩි සහයෝගයක් දක්වයි.

ඊට අමතරව Firefox 4.0, add-on කළමනාකරණය සඳහා වෙනමම tabs සපයා ඇත. මීට අමතරව මඟින් සපයා අති නවතම පහසුකම් අතර කිහිපයක් වන්නේ,

මල්ටි ටච් පහසුකම - මෙය ටච් ස්ක්‍රීන් සහිත උපාංග වලදී පාවිච්චිය පහසු කරයි.

වෙබ් ජීඑල් (Web GL) පහසුකම - වෙබ් බ්‍රව්සරය තුලදීම 3D ග්‍රැෆික්ස් බලා ගැනීමේ පහසුකම සපයයි.

වෙබ් එම් (Web M) පහසුකම - ඕපන් ෆෝමැට් එකේ වීඩියෝ නැරඹීමේ හැකියාව ලබා දෙයි.

දැනට නිකුත්ව ඇත්තේ බීටා එක පමණක් වන අතර අවසාන රිලීස් එක නොවැම්බර් මස නිකුත් වීමට නියමිතය.

මෙම සංස්කරණයේ screen shots සඳහා https://wiki.mozilla.org/Firefox/4.0_Windows_Theme_Mockups වෙත පිවිසෙන්න.

Firefox 4.0 හි බීටා version එක බාගත කිරීම සඳහා
http://www.mozilla.com/en-US/firefox/all-beta.html වෙත පිවිසෙන්න.


Share/Bookmark