Pages

Thursday, September 30, 2010

වැඩි දුරටත් ජූම්ලා - section & categories වෙබ් පිටුවට එකතු කර ගැනීම.

ඉහත සටහනෙන් අපි වෙබ් අඩවියක මූලික වැඩ ටික කරගන්නා හැටි බැලුවා.අද අපි කලින් සදා ගත් category වලට අදාල වෙබ් පිටු ඒ ඒ "category" වලට නියම කරන හැටි බලමු.
මේ සඳහා කල යුතු වන්නේ කලින් ආර්ටිකල්ස් සෑදීමේදී යොදාගත් section හා category ඔප්ෂන්ස් වෙනස් කිරීම පමණයි. පළමුව සාදාගත් ආර්ටිකල් එකක් "edit" මෝඩ් එකේ විවෘත කරගන්න. Admin පේජ් එකේ වෙත පිවිසීමෙන් ඔබට Article manager වෙත පිවිසිය හැකි අතර අවශ්‍ය article එක මත ක්ලික් කල විට එය edit මෝඩ් එකේ විවෘත වේ.
එවිට එම ආර්ටිකල් එකේ ඉහළ ඇති මඟින් drop down box අවශ්‍ය පරිදි ඒ ඒ ආර්ටිකල් එක අදාල category එක වෙතට යොමු කල හැක.


ඉන්පසු එය Save කිරීමට මතක තබා ගන්න. දැන් ඔබ ඒ ඒ category වලට article නියම කර හමාරයි. දැන් ඇත්තේ ඒවාට ඔබේ වෙබ් පිටුව හරහා ප්‍රවේශ විය හැකි ආකාරයට අවශ්‍ය links නිර්මාණය කිරීමයි. මෙම ලින්ක්ස් ඕනෑම මෙනු එකකින් යෙදිය හැක. මෙහිදී අප එම ආර්ටික්ල් වලට Main menu එක හරහා ලින්ක්ස් නිර්මාණය කරන හැටි බලමු. මෙහිදී විශේෂ කරුණ වන්නේ අප ලෙස articles සදාගත් ආකාරයටම hierarchy එකක් ලෙස පවතින පරිදි මෙනු අයිතමත් සාදාගැනීමයි.

පලමුව "Menus" මෙනුව හරහා Main menu වෙත යන්න. නව මෙනු අයිතමයක් සාදාගැනීමට "New" ක්ලික් කරන්න. අප මෙහිදී සාදා ගත්තේ articles බැවින් internal link වල articles වෙත යන්න. එහි උප අයිතමයක් වන Category හරහා Category list layout වෙත යන්න.

මෙනු අයිතමය ලෙස ලබා දිය යුතු නම ටයිට්ල් එකට ලබා දෙන්න. දකුණුපස ඇති "Menu item parameters" වල "Select article" හරහා මෙනු අයිතමය හරහා ඔබට ලින්ක් කල යුතු ආර්ටිකල් එක ලබා දෙන්න. එවිට ඔබට සියලුම ආර්ටිකල්ස් අඩංගු ලිස්ට් එකක් දිස්වනු ඇත.එමඟින් අවශ්‍ය ආටිකල් එක තෝරා Save කිරීමෙන් ඔබට අවශ්‍ය පරිදි මෙනු ලින්ක් එක සාදාගත හැක."On click,Open in"හරහා ඔබට මෙනු අයිතමය ක්ලික් කල විට අර්ටිකල්ස් විවෘත වෙන ආකාරය සැකසිය හැක.

දකුණුපසParameters(Basic) ටැබ් එකෙන් අර්ටිකල් එක අයත් වියයුතු "Category" එක තෝරන්න. මෙම category අඩංගු combo box එකේ දැක්වෙන්නේ ඔබ කලින් නිර්මාණය කල category වර්ගයන් වේ. Save බට්න් එක හරහා ඔබේ වෙනස්කම් save කරගන්න. දැන් ඔබෙ වෙබ් පිටුවට ගොස් බැලූ විට ඔබගේ ආටිකල්ස් ඒ ඒ කාණ්ඩ යටතේ වර්ග වී ඇති ආකාරය දැකගත හැකිවනු ඇත.

අවසානයේදී මුල් වෙබ් අඩවිය සෑදූ ආකාරයටම අනවශ්‍ය ලින්ක්ස් ඉවත් කොට ඔබේ වෙබ් අඩවිය ක්‍රමානුකූලව සකස් කරගන්න. අනවශ්‍ය ලින්ක්ස් ඉවත් කොට වෙබ් අඩවිය ක්‍රමානුකූලව සකස් සකස් කරගන්නා ආකාරය මෙතැනින් බලන්න.

Share/Bookmark

Wednesday, September 29, 2010

වැඩි දුරටත් ජූම්ලා - sections & categories

මීට පෙර ලියූ පෝස්ට් වලින් ඔබට සරලව ජූම්ලා වෙබ් අඩවියක් සාදා ගැනීමට අවශ්‍ය දැනුම ලැබෙන්නට ඇති. අද අපි ජූම්ලා වලින් වඩා සංකීර්ණ වෙබ් අඩවියක් සාදා ගන්නා අකාරය බලමු. මෙහිදී මම මුලින්ම ජූමලා වල අන්තර්ගත කලමණාකරනය (Content management) කරන විදිය ගැන යමක් කියන්නම්.

ජූම්ලා වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත(Content) වර්ග 2ක් භාවිත කරන්වා.
ඒවා නම්
1. වර්ග කරන ලද අන්තර්ගත (Categorized content)
2. වර්ග නොකරන ලද අන්තර්ගත යි. (Uncategorized content)

වර්ග නොකරන ලද අන්තර්ගත ලෙස හඳුන්වන්නේ වෙබ් අඩවියේ පෙන්වන සාමාන්‍ය වෙබ් පිටුයි. වර්ග කරන ලද අන්තර්ගත ලෙස හඳුන්වන්නේත් ඒ අකාර්යේම වෙබ් පිටු උවත් ඒවායේ විශේෂත්වය වන්නේ එම වෙබ් පිටු යම්කිසි ව්‍යුහයකට (Structure) අයත්ව පැවතීමයි. මෙම ව්‍යුහය අංශයන් (Sections) හා ප්‍රබේදයන්/වර්ගයන් ගෙන් (Categories) සමන්විත වේ.
එක් එක් අංශයන් විවිධ ප්‍රබේදයන්ගෙන් සමන්විත වේ. අප සාදන වෙබ් පිටු අයත් වන්නේ මේ එක් එක් ප්‍රබේදයන්ටය.(Categories). මෙම වෙබ් පිටු content items ලෙසද හැඳින්වේ.


මේ ආකාරයේ සැකැස්මක් සහිත වෙබ් අඩවියක් සෑදීම සඳහා කලින් ආකාරයේම පියවර කිහිපයක් අනුගමනය කල හැක.

1. වෙබ් අඩවිය නම් කිරීම
2. වර්ග නොකරන ලද අන්තර්ගත සහිත පිටු නිර්මාණය
3. Sections නිර්මාණය
4. එක් එක් සෙක්ෂන් එක සඳහා category නිර්මාණය
5. සකස් කරන ලද අර්ටිකල්ස් එක් එක් category එකට එක් කිරීම
6. සියළුම අංශ සඳහා මෙනු ලින්ක්ස් නිර්මාණය

මෙහි මුල් පියවරයන් ඉහත පෝස්ට් වල ආකාරයේම වේ.පලමු පියවර 2කේ සඳහන් පියවරයන් කරන ආකරය දැන ගැනීමට මෙම පෝස්ට් බලන්න.

Sections නිර්මාණය කිරීම සඳහා ඇඩ්මින් පේජ් එකට ගොස් "Section manager" ෂොර්ට් කට් එක ක්ලික් කරන්න. Content මෙනුවේ ඇති section manager හරහාද ඔබට මෙයට පිවිසිය හැකියි. එහිදී ඔබට දැනට ඇති සෙක්ෂන්ස් පෙන්වන අතර "New" හරහා අලුත් සෙක්ෂන් එකක් සාඳා ගැනීමට හැක. සෙක්ෂන් එකට අඳාලව නමද අවශ්‍යනම් ඒ පිළිබඳ විස්තරයක්ද ඔබට ලැබෙන ෆෝර්ම් එකේ සටහන් කළ හැක."Save" බ්ට්න් එක ක්ලික් කිරීමෙන් මෙම section එක ලිස්ට් එකට එක් කර ගත හැකියි. මේ ආකාරයට ඔබට අවශ්‍ය තරමක් සෙක්ෂන්ස් සාඳාගත හැක.

දැන් ඒ එක් එක් සෙක්ෂන් එකට අදාලව "category" සාදන ආකාරය බලමු. මේ සඳහා භාවිතා කරන්නේ "Category manager" යි. එයට පිවිසීමට ඇඩ්මින් පැනල් එකේ ෂෝර්ට් කට් එක හෝ "Content" මෙනුවේ Category manager භාවිතා කල හැක.

එවිට ඔබට කලින් සාදා ගත් එක් එක් සෙක්ෂන්ස් සඳහා categories සෑදීමට භාවිත කල හැකි පෝරමයක් ලැබේ.
මෙහි ඔබට අවශ්‍ය ආකාරයට එක් එක් සෙක්ෂන් එක යටතේ නොයෙක් categories වර්ග කල හැක.
Title ලෙසට ඔබට සකස් කිරීමට අවශ්‍ය category එකේ නමද "section" එක සඳහා ඒ ඒ category එක අයත් විය යුතු "section" එකේ නමද ලබා දෙන්න.sections ඔබ කලින් සාඳාගත් Sections වලින් ලෙහෙසියෙන් select කර ගැනීමට ඒවා drop down මෙනු එකක් ලෙස මෙහි සපයා ඇත.

"Save" බට්න් එක මඟින් ඔබේ සිලෙක්ෂන්ස් save කරගත හැකි අතර සියළුම sections සඳහා අවශ්‍ය පරිදි categories සාදාගන්න.
දැන් ඇත්තේ එක් එක් category එක සඳහා අදාල වෙබ් පිටු නියම කිරීමයි.
Share/Bookmark

Tuesday, September 14, 2010

ජූම්ලා වෙබ් සයිට් එකේ Logo එක මාරු කිරීම.

ජූම්ලා වෙබ් සයිට් එකේ වම් පස ඇති ජූම්ලා ලොගෝ එක ඔබ බවිතා කරන ටෙම්ප්ලේට් එකේ කොටසකි. එම නිසා ඔබට අවශ්‍ය පරිදි, එම ලොගෝ එක වෙනස් කරගත හැක. මෙමඟින් ඔබෙ වෙබ් පිටුවට වඩා වෘත්තීමය පෙනුමක් ලබා දෙන අතර, එය ඔබෙ වෙබ් සයිට් එක වඩා ආකර්ශනීය කරගැනීමටද යොදා ගත හැකිය. මෙහිදී ඔබ දැන ගත යුතු කරුණ වන්නේ, මේ ලොගෝ එකත් වෙනත් අයිතම මෙන්ම Joomla අන්තර්ගත කලමනාකරණ පද්ධතිය මඟින් ඉදිරිපත් කරන ලද තවත් එක් අයිතමයක් බවයි.

මෙම ලොගෝ එකට අදාල පින්තූරය අන්තර්ගත වන්නේ ඔබේ ජූම්ලා ෆෝල්ඩරය තුලයි. එහි පාත් එක පහත පරිදි වේ.
C:\wamp\www\joomlabeta\templates\rhuk_milkyway\images

ඔබගේ රූට් ෆෝල්ඩරය වෙනස් නම් ඒ අනුව පාත් එක වෙනස් වන බව මතක තබා ගන්න. මෙම ෆෝල්ඩරය තුල ඇති "mw_joomla_logo.png " අයිත්මය අදාල පින්තූරය දක්වයි. ඔබට අවශ්‍ය පින්තූරයට මෙම නමම ලබා දී එම ෆෝල්ඩරය තුලම Save කරන්න. ඩිෆෝල්ට් එන ලොගෝ එක වෙනමම Save කර ගැනීමට වග බලා ගන්න. (පසුව අවශ්‍ය උවහොත් එය නැවත භාවිතා කල හැකි වනු ඇත.)‟

දැන් ඔබේ වෙබ් සයිට් එකට ගොස් ලොගෝ එක වෙනස් වී ඇත්දැයි බලන්න. නැති නම් Refresh කළ විට ඔබ පසුව එක් කල රූපය ලොගෝ එක ලෙස සෙට් වී ඇති බව පෙනේවි.

Share/Bookmark

Saturday, September 11, 2010

ජූම්ලා වෙබ් සයිට් එකක් සාදා ගැනීම 3

අද කතා කරන්නේ ජූම්ලා වෙබ් සයිට් එකක් සාදා ගැනීමේ අවසාන පියවරයි.කලින් ඔබ අවශ්‍ය ආර්ටිකල්ස් සාදා ඒවා සඳහා අවශ්‍ය මෙනු ලින්ක්ස් සාදා ගත්තා. ඒ මඟින් දැන් ඔබට ඔබේ අර්ටිකල්ස් ඇක්සස් කල හැකි බව ඔබ අත්දකින්නට ඇති. අද අපි අවසාන පියවරට යමු. එනම් ජූම්ලාහි හෝම් පේජ් එකෙන් අනවශ්‍ය අර්ටිකල්ස් හා ලින්ක්ස් ඉවත් කිරීමයි.
පහත දැක්වෙන්නේ Main menu එකට ඔබේ Home නැමති පිටුව එක් කල විට එය පමණක් ඉතිරි වන පරිදි ඉවත් කළ යුතු අයිත්ම දැක්වෙන රූපයකි.

මෙහි Main menu එකට සාදාගත් Home නැමති ආටිකල් එකට ලින්ක් එකක් එක් කර ඇත. මේ නිසා පලමුව Main menu එක ඉතිරි කොට අනෙකුත් කොටස් ඉවත් කල යුතුය. මෙම අනෙකුත් කොටස් මොඩියුල්ස් ලෙස හැඳින්වේ.
මේ සඳහා පලමුව ඔබ ඇඩ්මින් ලෙස අඩ්මින් පිටුවට ලොග් විය යුතුය.ඉන්පසු එහි මෙනු බාර් එකේ ඇති extension මෙනු එක හරහා හෝ ෂොර්ට් කට් එක හරහා "Module manager" වෙත් පිවිසෙන්න.
එවිට ඔබට පහත ආකාරයේ දත්ත ටේබල් එකක් දිස් වෙවි.


එහි දැනට ඔබේ වෙබ් පිටුවේ දර්ශණය වන සියළුම අයිතම(මොඩියුල්ස්) වල ලිස්ට් එකක් දක්නට ලැබේ. ඔබට ඇත්තේ ඔබේ වෙබ් පිටුවෙන් ඉවත් කල යුතු අයිතම ඉදිරියේ ඇති ටික් බොක්ස් ටික් කිරීමෙන් ඔබට ඉවත් කල යුතු අයිතම තෝරාගත හැක. ඉන්පසු ඉහළ ඇති "Disable" අයිකනය ක්ලික් කිරීමෙන් ඔබ තොරගත් අයිතම ඔබේ වෙබ් පිටුවෙන් ඉවත් කරගත් හැක.

සැ.යු. : ඇතැම් විට මෙම අයිතම ලිස්ට් එක පිටු 2ක් දකවා දික්විය හැක. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. නැතහොත් ඔබේ වෙබ් පිටුවේ ඇතැම් අයිතම් ඉවත් නොවී තිබිය හැක.

දැන් main menu එකේ ඇති අනවශ්‍ය ලින්ක්ස් ඉවත් කරමු. ඇඩ්මින් පේජ් එකේ මෙනුස් යටතේ ඇති Main menu සිලෙක්ට් කරන්න. එවිට ලැබෙන "Menu Item manager[Main menu]" පිටුවේ main menu එකේ ඇති අයිතම දක්වා ඇති බව ඔබට දැකගත හැකි වනු ඇත.
එහි ඇති "Published" තීරුවේ ඇති හරි ලකුණ ක්ලික් කිරීමෙන් එය කතිර ලකුණක් බවට පත් වේ. එනම් එම අයිතමය වෙබ් පිටුවෙන් ඉවත් වේ. Main menu එකෙන් ඉවත් කළ යුතු අයිතම සිලෙක්ට් කර ඉහල දකුණු කෙලවරේ ඇති "Unpublish" බට්න් එක ක්ලික් කරන්න. එයින්ද එම අයිතම වෙබ් පිටුවෙන් ඉවත් වී යයි.

මෙනු අයිතමයක් සිලෙක්ට් කර එහි ඉදිරියෙන් ඇත් "Default" තීරුව මත ක්ලික් කිරීමෙන් එම මෙනු අයිත්මයට අයත් වෙබ් පිටුව Default පිටුව බවට පත්කළ හැක. මෙය අදාල අයිතමය සිලෙක්ට් කර "Default" බට්න් එක ක්ලික් කිරීමෙන්ද ඉටු කරගත හැක. මෙහි Home නැමති ආර්ටිකල් එක හෝම් පේජ් article එක ලෙස සෙට් කර ඇත.ඒ සඳහා Home article එක ඉදිරියේ ඩිෆොල්ට් තීරය මත ක්ලික් කල යුතුය, එවිට එහි තරු ළකුණක් දිස්වේ.

දැන් ඔබේ වෙබ් සයිට් එක සාදා අවසන්. ඇඩ්මින් පිටුවෙන් ලොග් අවුට් වී ඔබේ වෙබ් සයිට් එකේ නමින් URL එක සෙට් කර ඔබට වෙබ් සයිට් එකට පිවිසිය හැක.

සැ.යු. : ඔබ localhost භාවිතා කරන බැවින් URL එක පහත පරිදි විය යුතුය.

Share/Bookmark

Monday, September 6, 2010

ජූම්ලා වෙබ් සයිට් එකක් සාදා ගැනීම 2

ලින් පෝස්ට් එකේදී ජූම්ලා වෙබ් සයිට් එකක් සාදාගැනීමේ ප්‍රධාන පියවරවල් හා ඒවායින් 2ක් කතා කරා. අද අපි බලමු සාදා ගත් වෙබ් පිටු ඔබේ වෙබ් සයිට් එකට එකතු කරගන්න විදිය.
මෙය කරන්නේ මුලින් සාදාගත් වෙබ් පිටු සඳහා වෙබ් සයිට් එකේ හෝම් පේජ් එකේ සිට ලින්ක් නිර්මාණය කිරීමෙනුයි. ඔබේ වෙබ් සයිට් එකේ හෝම් පේජ් එකට ගියවිට ඔබට ප්‍රධාන වශයෙන් මෙනු වර්ග 2ක් දැකිය හැකියි. ඒ Main menu හා Top menu යි.

පහත දැක්වෙන්නෙ ජූම්ලාහි default ලැබෙන ටෙම්ප්ලේට් එකේ එම මෙනු ඇති ආකාරයයි.

ඔබට මේ මෙනු වලින් ඔබේ වෙබ් පිටු වෙත පිවිසිය හැකි ලින්ක්ස් සෑදිය හැකියි.
ඔබේ ජූම්ලා ඇඩ්මින් පිටුවෙන් ඔබට මෙම මෙනු එඩිට් කරගත හැක. මේ සඳහා පළමුව ඇඩ්මින් පිටුවට යන්න.
("http://localhost/Joomla_1.5.15/administrator/" : මේ පිළිබඳ වැඩි විස්තර සඳහා ජූම්ලා වලින් වැඩ පටන් ගැනීම වෙත යන්න. )

ඇඩ්මින් පිටුවේ මෙනු ටැබ් එක මඟින් ලබා දෙන ඔප්ෂන් හරහා ඔබට මෙනු එඩිට් කිරීමේ හැකියාව ලබා දේ. ඉහත දක්වා ඇති මෙනුස් ඒ ආකරයෙන් හඳුන්වනු ලබයි. ඔබට එම මෙනුස් එඩිට් කිරීම ඇඩ්මින් පේජ් එකේ මෙනුස් ටැබ් එක හරහා කළ හැක.එම ඩ්‍රොප් ඩව්න් මෙනු එකේ ඇති main menu, user menu හා top menu හරහා ඒ එක් එක් මෙනුස් එඩිට් කල හැකිය.

Main menu ඔප්ෂන් එකට ගිය විට ඉහත දක්වා අති main menuහි අයිතම පෙන්වයි. ඔබ භාවිතා කරන ටෙම්ප්ලේට් එක සමඟ සැසඳීමෙන් මෙහි ඇති මෙනු අයිතම ඔබට හදුනාගත හැක. ඔබ සාදාගත් පේජස් සඳහා මෙනු ලින්ක්ස් සාදා ගැනීමට පලමුව ඉහල දකුණු කෙළවරේ ඇති New බට්න් එක ක්ලික් කරන්න.

අපි කලින් අර්ටිකල්ස් සාදාගත් බව ඔබට මතක ඇති. දැන් එම ආර්ටිකල්ස් මෙම මෙනු ලින්ක්ස් හරහා අපගේ වෙබ් සයිට් එකට එකතු කරගත හැක. New බට්න් එක ක්ලික් කළ පසු ඔබට මෙනු අයිතම වර්ග දැක්වෙන පිටුවක් දර්ෂණය වේ. එයින් Internal links තුල ඇති අයිතම් මඟින් ඔබේ වෙබ් පිටුවට ඔබ සාදාගත් නොයෙක් අයිතම් එක කළ හැක.අප සාදාගත්තේ articles බැවින් එහි Articles ඔප්ෂන් එක තෝරන්න. එවිට ලැබෙන ඔප්ෂන්ස් තුලින් Article Layout දැනට අපි තෝරා ගමු. මෙයින් අදහස් වන්නේ ඔබ පෙන්වන ආර්ටිකල් එක සම්පූර්ණයෙන් ඔබේ වෙබ් පිටුව මත දර්ශණය වන බවයි.

එවිට ලැබෙන්නේ ඔබෙ අර්ටිකල් එක වෙබ් පිටුවට එක් කල හැකි වින්ඩෝවයි. පළමුව වෙබ් පිටුවට පෙන්විය යුතු ටයිට්ල් එක ලබා දෙන්න.

පළමුව වෙබ් පිටුවට පෙන්විය යුතු ටයිට්ල් එක ලබා දෙන්න.



අනෙකුත් ඔප්ෂන්ස් පහත පරිදි වේ.

Link :ආටිකල් එක ඇක්සස් කල හැකි ලින්ක් එක දක්වයි.මෙය ඩිෆෝල්ට් අගයම තබන්න.
Display in : ආටිකල් ලින්ක් එක පෙන්විය යුතු මෙනුවයි.
Parent Item: මෙමඟින් අර්ටිකල් එකේ මෙනු එකේ සැකැස්ම සැකසිය හැක. ඔබේ මෙනු අයිතම්ය තිබිය යුතු තැන මෙමඟින් තෝරන්න. මෙහි දක්වා ඇත්තේ දැනට පවතින මෙනු අයිතම වේ.
Published : මෙහි Yes ඔප්ෂන් එක තොරන්න. එවිට පමනක් ඔබේ අර්ටිකල් එක වෙබ් පිටුවේ දර්ශණය වේ.

ඉන් පසු අනෙක් පස ඇති Parameters(Basic) වෙත ගොස් Select ක්ලික් කරන්න. එවිට ඔබ සාදාගත් ආර්ටිකල් සියල්ලත්, ඩිෆොල්ට් එන ආර්ටිකල් සියල්ලත් පෙන්වයි. මෙනු අයිතමය මඟින් ලින්ක් විය යුතු ආර්ටිකල් එක තෝරන්න.



දැන් සියළු තේරීම් Save කරගන්න.

ඔබ ඔබේ ආටිකල් එක වෙබ් පිටුවට එක් කර හමාරයි. දැන් නැවත ඔබේ වෙබ් පිටුවේ Home පේජ් එකට යන්න.
එය http://localhost/Joomla_1.5.15/ මඟින් කළ හැක.

මා යොදාගත් උදාහරණයට අනුව HOME පේජ් එකේ main මෙනු එක පහත පරිදි විය යුතුය.එහි main menu එකේ Home නමින් ලින්ක් 2ක් ඇත. එහි 2වෙනියට ඇතේ මා නිර්මාණය කල එකයි. මුල් එක default පැමිණි එකයි.


අදාල ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් ඔබේ ආර්ටිකල් එක ඇක්සස් කළ හැක. නමුත් ඔබෙ වෙබ් පිටුවේ වෙනත් බොහෝ අනවශ්‍ය දෑ ඇති බව ඔබට පෙනේ. එවා ඉවත් කර වෙබ් පිටුව සාදා ගන්න ආකාරය දැන් බලමු.

Share/Bookmark

Thursday, September 2, 2010

ජූම්ලා වෙබ් සයිට් එකක් සාදා ගැනීම 1

පසුගිය පෝස්ට් වලදී මම සංශිප්තව ජූම්ලා වෙබ් සයිට් එකක් සාදා ගැනීමට අවශ්‍ය මූලික දේවල් පැහැදිළි කළා. අද සිට ඉතා සරල වෙබ් සයිට් එකක් හදන හැටි කියන්නම්. කලින් දේවල් මතක් කළොත්, එවායේදී මම වෙබ් සයිට් එකට නමක් යොදන විදිය සහ එම වෙබ් සයිට් එකේ ඇඩ්මිනිස්ට්‍රේටර් වෙත ලොග් වෙන සැටිත්, එහි ඇති මූලික විකල්පත් පැහැදිළි කළා.

වෙබ් සයිට් එක නිර්මාණය කිරීම සඳහා ඔබ ඇඩ්මිනිස්ට්‍රේටර් ලෙස ලොග් විය යුතුයි. එවිට ඔබ ඔබේ වෙබ් සයිට් එකේ බැක් එන්ඩ් එකට ඇතුල් විය හැක.
මූලික වශයෙන් කුඩා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම පියවර 4කට බෙදිය හැකියි. (මෙය හුදෙක් පහසුව සඳහා කරන ලද්දක් බව සිහි තබා ගන්න).

1. වෙබ් සයිට් එක නම් කිරීම.
2. වෙබ් පිටු නිර්මාණය
3. එම පිටු සඳහා මෙනු ලින්ක්ස් නිර්මාණය
4. අනවශ්‍ය අයිතම වෙබ් පිටුවෙන් ඉවත් කිරීම

1. වෙබ් සයිට් එක නම් කිරීම.

අපි මුලින්ම වෙබ් සයිට් එකට නමක් දුන්නා ඔබට මතක ඇති.එය වෙනස් කිරීමට අවශ්‍ය නම් මෙම
විකල්පය භාවිතා කල හැකියි. පලමුව ඔබ ඇඩ්මිනිස්ට්‍රේටිව් පිටුවට ලොග් විය යුතුයි. එවිට දැක්වෙන
ෂෝට් කට් වලින්"Global Configuration" බට්න් එක ක්ලික් කරන්න.









එහි ඇති "Site settings" සංවාද මෙනු භාවිතයෙන් ඔබට වෙබ් ස්යිට් එකේ නම වෙනස් කරගත හැක.

මෙය සේව් කළ පසු ඔබ යෙදූ නම ඔබගේ සයිට් එකේ නම ලෙස පෙන්වනු ඇත.



2. වෙබ් පිටු නිර්මාණය

ඇඩ්මින් ෂෝර්ට්කට් වල "Add new article" ක්ලික් කිරීමෙන් මෙයට පිවිසිය හැක.මෙය "Content"
මෙනුවේ ඇති "Article manager" වෙත යොමු වීමෙන්, ඒ තුල ඇති "New"
ක්ලික් කිරීමෙන්ද
ලබා ගත හැක.

එහි ඇති "title" එක සඳහා ඔබේ අටිකල් එකට අදාල නමද, "section" එක සඳහා "uncategorize"
ලෙසද ලබා දෙන්න.ඉන්පසු ඉහළ ඇති "save" බට්න් එක මඟින් මෙය සේව් කරගන්න.

එවිට පහත අකාරයේ පද සකසනයක් ලැබේ. ඒ මඟින් ඔබට අවශ්‍ය ආටිකල් එක සකසා ගත හැක.
මේ සඳහා මෙහි ඉතා හොද ටූල්ස් බොහොමයක් සපයා ඇත.











එය සේව් කරගත් පසු ඔබව "article manager" වෙත යොමු කෙරේ. Article manager හරහා ඔබට ඔබ සකසා ගත් ආර්ටිකල්ස් අවශ්‍ය ආකාරයට කලමනාකරණය කරගත හැක.

මේ ආකාරයට ඔබට අවශ්‍ය පරිදි අවශ්‍ය තරමක් ආර්ටිකල්ස් සාදා ගත හැක.
ඊළගට ඇත්තේ සාදාගත් ආර්ටිකල්ස් ඔබෙ වෙබ් සයිට් එකට එකතු කිරීමයි....
Share/Bookmark